මාතෘ භූමිය රැකුමෙන් ඔවුන් ලැබූ අභිමන්

වසර දහස් ගණනක පෞඪ වූත් අභිමාවත් වුත් ඉතිහාසයකට උරුමකම් කියන
ශ්‍රී ලාංකිකයන් වන අපගේ ආදීතම මුතුන් මිත්තන් විසින් සිකළා වු
වීර වික්‍රමයන්ට එදා ද රාජ රාජ්‍යයන්ගෙන් හිමි වුයේ අප්‍රමාණ වු ගෞරවාභිමානයකි.
එවන් වීර මුතුන් මිත්තන්ගේ වීර වික්‍රමාන්විතයන් නොවන්නට
මෙවන් වීර රටක් බිහි නොවන්නට ඉඩ තිබුණි.

අභිමානයෙන් ඔදතෙද ගැනු වූ වීරත්වය වෙනයම් කිසිවකින් හෝ ලබාගත හැක්කක් නොව
එය වීරත්වයෙන්ම ලබාගත යුත්තක් බව
සිංහ ස්‍යෛාවෙන්ම ලොවම පසක් කරදී ඇත්තේය.

පරම වීර විභූෂණය යනු,

ස්වකීය ජීවිතයටද, ආත්මාරක්ෂාවට ද සිදුවිය හැකි උපද්‍රව ගැන නොතකා සිය සඟයන්ගේ ජීවිතාරක්ෂාව නොහොත් සිය බලකායේ කාර්ය අරමුණ මුදුන්පත් කර ගැනීම උදෙසා සක්‍රීය සේවා කාලය තුළදි ස්වේච්ඡාවෙන්ම සතුරාට මුහුණපාමින් වික්‍රමාන්විත වු ද, අභීතභාවය ප්‍රදර්ශණය කෙරෙන්නා වු ද ක්‍රියාවන්හි පෞද්ගලිකවම යෙදුනා වු ද, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වර්ෂ 1981 ක් වු සැප්තැම්බර් මස 01 දින අංක 156/5 දරණ අති විශේෂ ගැසට් නිවේදනයෙහි පරම වීර විභුෂණය පිරිනැමීම පිළිබඳ රෙගුලාසින්හි නිර්ණය කොට දැක්වෙන නියමයන් හා කොන්දේසී අනුව යෝග්‍යයයි යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති හෝ ගුවන් හමුදාධිපති විසින් නිර්දේශ කරනු ලබන්නා වු ද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ යුද්ධ, නාවික සහ ගුවන් හමුදාවන්හි ස්ථීර හා ස්වේච්ඡා බලසේනාවල නියුක්ත සෑම තරාතිරමකටම අයත් සියලුම පුද්ගලයන්ට මෙම පළඳනාව ප්‍රදානය කළ යුත්තේය

පළඳනාව පිරිනැමීම අතිගරු ජනාධිපතිගේ අත්සන සහ නිල මුද්‍රාව යටතේ කෙරෙන කැඳවීම් නියෝගයන් අනුව පැවැත්වෙන විශේෂ සම්මාන පිරිනැමීමේ උත්සවයක දී අතිගරු ජනාධිපතිතුමා විසින් පෞද්ගලිකවම සිදු කළ යුතුය.

පළඳනාව පිරිනමනු ලැබු අයවළුන්ගේ නම් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පළ කළයුතු අතර, එසේ පළඳනා ලැබු සියලු දෙනාගේම නාම ලේඛණයක් ජනාධිපතිතුමාගේ විධානය යටතේ පවත්වා ගෙන යා යුතුය.

සෑම පළඳනා ලාභියකුටම තම නමට පසුව PWV යන සංකේතය භාවිතා කිරිමට හිමිකම් ඇත්තේය.

පදක්කමේ ස්වභාවය

වෘත්තාකාර හැඩයෙන් යුතුව රිදියෙන් තනා ස්වර්ණාලේප කොට සකස් කළ යුතු මෙම පළඳනාවෙහි අභිමුඛ පැත්තේ මැද, මහනුවර සමයේ සිංහ කොඩියේ දැක්වෙන ශෛලිගත සංකේත සිංහ රූපයකින් ද ඒ වටා නෙළුම් මල් රටාවෙන් හා ගැටකොළ රටාවෙන් ද සමන්විත විය යුතුය. කුණ්ඩලිය ලියපත් රටාවකින් අලංකාර විය යුතුය. මේ සියල්ල පෙන්නුම් කළ යුත්තේ උන්නත කැටයමිනි. ප්‍රතිමුඛ පැත්තේ මැද නෙළුම් මල් පෙති බෝඩරයකින් වට වු ශ්‍රී ලංකා සංකේත සිංහ රූපයකින් ද ඒ වටා දිවෙන වී කරල් මෝස්තරයකින් හා ඒ මුදුනෙහි පිහිටි ධර්ම චක්‍රයෙන් ද, පාදයෙහි පුන් කළසකින් ද එහි දකුණු පසින් කිරණ විහිදුවන සුර්යයාගෙන් ද වම් පසින් චන්ද්‍රයාගෙන් ද සංකේත වු ශ්‍රී ලංකා ජනරජයේ වංශ ධජය ද ඒ වටා සිංහල හා දෙමළ භාෂා වලින් “ අති විශිෂ්ට වීරත්වය ” යන පාඨය ද පහතින් සංස්ථාපිත වර්ෂය වන 1981, ද, ඒ සියල්ල වටා අභිමුඛ පැත්තෙහි දැක්වුණු මෝස්තරය ද උන්නත කැටයමින් නිරුපණය කර තිබිය යුතුය.

අඟල් එකයි කාලක් පළල් වු ද, අඟල් දෙකක් ( සෙ.මි. 5 ක් ) දික් වු ද, වයින් පැහැති පීත්ත පටියකින් එල්ලෙන සේ සකසන ලද මෙම පළඳනාව පපුවේ වම් පසෙහි පැළදිය යුත්තේය.

පරම වීර විභූෂණ පදක්කම් ලාභීන් සහ ඔවුන්ගේ තොරතුරු