කපිතාන් එච්.ජි.එම්.කේ.අයි. මේඝවර්න PWV, RSP – ශ්‍රී ලංකා යුධ හමුදාව

හතරවන බළඇණිය, ගැමුණු බලකාය

*පෞද්ගලික තොරතුරු *
සම්පුර්ණ නම : එච්.එම්.කිත්සිරි මේඝවර්ණ
හමුදා ඒකකය : හතරවන බළඇණිය, ගැමුණු බලකාය
මියගිය ස්ථානය : පුදුකුඩුඉරුප්පු
උපන් දිනය : 1984 දෙසැම්බර් 09
මියගිය දිනය : 2009 මාර්තු 02
වයස : 25
පදක්කම ලැබුණු දිනය : 2012 මැයි 19
විවාහක /අවිවාහක බව : අවිවාහක
මව : ජී.ඒ.ද සිල්වා
පියා : එච්.ජී.එම්.කේ.මේඝවර්ණ
බිරිඳ : අනෝමා
ලිපිනය : බණ්ඩාරහේන, යාඉන්ත පාර, කහවත්ත
ලබා ගෙන ඇති පදක්කම් : පරම වීර විභූෂණය, රණ ශූර පදක්කම.

කොටි ත්‍රස්තවාදින්ගෙන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය මුදා ගැනීම සදහා හමුදාව දියත් කල මෙහෙයුමෙිදි කාණ්ඩ භාර අණදෙන නිලධාරියෙක් ලෙස කටයුතු කල ලුතිනන් මෙිගවර්ණ සිය හමුදා භට කණ්ඩායම සමග කොටි ත්‍රස්තවාදින්ට එරෙහිව සාර්ථකව ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට ඇදුනේ කොටි බන්කර් හා මරඋගුල් සුනු විසුනු කර දමමින්ය.

මෙහිදි කොටි ත්‍රස්තවාදින් තමන්ට අහිමිවුනු ප්‍රදේශයෙන් නැවත අත්පත් කර ගැනීම සදහා දියත් කල ප්‍රහාරයේදි ලුතිනන් මෙිගවර්ණ ඇතුළු භට පිරිස් ගොදුරු විය. කොටි ත්‍රස්තවාදින් වෙතින් එල්ලවු දරුණු ප්‍රහාර වුවද නොසැලි සිය භට කණ්ඩායම සමග සිය මාතෘභුමියේ භෞමික අඛණ්ඩතාවය උදෙසා සටන් වැදුනු ලුතිනන් මෙිගවර්ණ ඇතුලු කණ්ඩායමෙි සැලකිය යුතු පිරිසකට ඒ වන විටත් තුවාල සිදුවී තිබුනී. තමන්ට කොතරමි දරුණු තුවාල සිදුව තිබුනත් සිය සටන් සගයින් ප්‍රතිකාර සදහා පිටත් කර හැර අමතර භට පිරිස් සිය සහයට පැමිණෙන තුරු අනෙක් සෙබළුන්ට නායකත්වය දෙමින් සටන් වැදුනු කපිතාන් එචි.ජේ.එමි.කේ.අයි. මෙිගවර්ණ (පරම වීර විභුෂණ) සිය දෙනෙත් පියා ගත්තේ රට ජාතිය බෙිරා ගැනීම උදෙසා ලබාදුන් උදාර පරමාර්ථය නිසාය.