සැරයන් පී.එන්. සුරංග PWV – ශ්‍රී ලංකා යුධ හමුදාව

පළමුවන බළඇණිය, විජයබාහු පාබල රෙජිමේන්තුව

*පෞද්ගලික තොරතුරු *
සම්පුර්ණ නම : පී.එන්.සුරංග
හමුදා ඒකකය : පළමුවන බළඇණිය, විජයබාහු පාබල රෙජිමේන්තුව
මියගිය ස්ථානය : මුහමාලේ – නාගර්කෝවිල්
උපන් දිනය : 1981 දෙසැම්බර් 16
මියගිය දිනය : 2006 අගෝස්තු 14
වයස : 25
පදක්කම ලැබුණු දිනය : 2012 මැයි 19
විවාහක /අවිවාහක බව : විවාහක
මව : එන්.ජී. ගුණවතී
පියා : පී.එන්. ඩැනී
බිරිඳ : පී.ඩබ්ලිව්.ඩි.කේ. නදීකා
ලිපිනය : 22/8, තලපිටිය හරස් පාර, ගාල්ල
ලබා ගෙන ඇති පදක්කම් : පරම වීර විභූෂණය.

මුහමලේ කොටි ත්‍රස්තවාදින්ගේ බල කදවුරු බිද දමමින් 2006 වසරේදි ක්‍රියාත්මකවු හමුදා මෙහෙයුමෙිදි ආර්.පි.ජී. අවි ක්‍රියාකරවන්නෙක් ලෙස හමුදා පෙරමුනේ සිට ඉතා දැවන්ත කාර්්‍ය භාරයක් ඉටු කල රණවිරුවෙක්වු කෝප්‍රල් සුරංග, කොටි ත්‍රස්තවාදින්ගේ යුධ අගල් තරණය කරමින් සිය සහෝදර භටයින් වෙනුවෙන් දිවි නොතකා සටන් කලහ.

හමුදා භට කණ්ඩායමිවල ඉදිරි ගමනට බාධා වෙමින් ඉදිකර තිබුනු කොටි ත්‍රස්තවාදින්ගේ බන්කර් සුනු විසුනු කරමින් තමා සතු ආර්.පි.ජී. අවියෙන් ඉතා සාර්ථක ඉලක්ක රැසක් ලබා ගැනීමට ඔහු සමත් විය.

2006 වසරේ අගෝස්තු මස 14 වන දින කොටි ත්‍රස්තවාදින් සමග හමුදා භට කණ්ඩයමි මුහනට මුහනලා ඇතිවු ගැටුමකදි තමා සතු සියළු ආර්.පි.ජි. උණ්ඩ අවසන්ව තිබුනු මොහොතකදි තම සහෝදර සෙබළුන් ඉලක්ක කර ගනිමින් ඉදිරියට ඇදෙන කොටි ත්‍රස්තයින් කණ්ඩායමක් නිරික්ෂණය කල කෝප්‍රල් සුරංග දෙවරක් නොසිතා කොටි කණ්ඩායම අතරට පැන තමා සතු ගේ්‍රනේඩි බෝමිබයක් පුපුරුවා ගත්තේ සිය ජිවිතය පමනක් නොව කොටි සාමාජිකයින්ටද විශාල හානියක් ගෙන දෙමින්ය.

කෝප්‍රල් සුරංග ගේ එම අභීත ක්‍රියාව නිසා නොවන්නට එදා හමුදා භට කණ්ඩායමි වලට සිය මෙහෙයුම ඉදිරියට කරගෙන යෑමට විශාල බාධාවක් වන අතරම, සිය ජිවිතය පවා පුජා කරමින් කල ඒ උදාර මෙහෙය අගයනු වස් කෝප්‍රල් පි.එන්. සුරංගට පරම වීර විභුෂණ පදක්කම පිරිනැමිනී.