කෝප්‍රල් එච්.ඒ. නිලන්ත කුමාර PWV, RSP – ශ්‍රී ලංකා යුධ හමුදාව

තුන්වන බළඇණිය, කොමාන්ඩෝ රෙජිමේන්තුව

*පෞද්ගලික තොරතුරු *
සම්පුර්ණ නම : එච්.ඒ.නිලන්ත කුමාර
හමුදා ඒකකය : තුන්වන බළඇණිය, කොමාන්ඩෝ රෙජිමේන්තුව
මියගිය ස්ථානය : නිලාවේලි
උපන් දිනය : 1980 නොවැම්බර් 26
මියගිය දිනය : 2009 ජනවාරි 29
වයස : 29
පදක්කම ලැබුණු දිනය : 2013 මැයි 18
විවාහක /අවිවාහක බව : විවාහක
මව : ඩබ්ලිව්.ඒ.කරුණා
පියා : එච්.ඒ.අනිල් කුමාර
බිරිඳ : ඩබ්ලිව් ඒ.මල්කාන්ති
ලිපිනය : මාදුරාගම, පහල ගිරිබාව, ගල්ගමුව
ලබා ගෙන ඇති පදක්කම් : පරම වීර විභූෂණය, රණ ශූර පදක්කම.

වසර 2009 ක් වු ජනවාරි මස 29 වන දින පුදුකුඩුඉරිප්පු ප්‍රදේශය අත්පත් කර ගැනීම සඳහා කෝප්‍රල් නිලන්ත කුමාර සූක්‍ෂම විමර්ශනයක් සිදු කර ත්‍රස්තවාදිනගේ ශක්තිමත් බංකර් සහ බර අවි ස්ථානගත කර තිබූ ස්ථානයන් නිවැරදිව නිරීක්‍ෂණය කරගෙන ඇත.

ඒ අනුව ශක්තිමත් ලෙස ඉදිකර තිබූ ත්‍රස්තවාදී බංකරය විනාශ කිරීම සඳහා ප්‍රහාරයක් දියත්කර ඇති අතර එහිදී කිහිප දෙනෙකු තුවාල ලැබූවද මොහු අධිෂ්ටනයෙන් යුතුව ප්‍රහාර එල්ල කර එම බංකරය තුළට කඩාපැන බංකරය අත්පත් කර ගැනීමට කටයුතු කර ඇත.

එහිදී සිදු වූ බරපතල තුවාල හේතුවෙන් රට වෙනුවෙන් උදාරතර මෙහෙවරක් සිදුකර මොහු එම භූමියේදී ම දැයෙන් සමුගෙන ඇත. ස්වේච්චාවෙන්ම ඉදිරිපත්වී සැබෑ වීරුවෙකු ලෙස කල ක්‍රියාව අරබයා කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් කෝප්‍රල් නිලන්ත කුමාර පරම වීර වීභුෂණයෙන් පිදුම් ලබන්නේය.