ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.ඩි.එම්. රත්නායක PWV – ශ්‍රී ලංකා යුධ හමුදාව

හයවන බළඇණිය, ශ්‍රීලංකා පාබල හමුදාව

*පෞද්ගලික තොරතුරු *
සම්පුර්ණ නම : ආර්.එම්.ඩි.එම්. රත්නායක
හමුදා ඒකකය : හයවන බළඇණිය, ශ්‍රීලංකා පාබල හමුදාව
මියගිය ස්ථානය : චලෙයි
උපන් දිනය : 1990 ජනවාරි 29
මියගිය දිනය : 2009 මැයි 11
වයස : 19
පදක්කම ලැබුණු දිනය : 2012 මැයි 19
විවාහක /අවිවාහක බව : අවිවාහක
මව : ඩි.එම්.යසවතී
පියා : ආර්.එම්.පුංචි බණ්ඩා
බිරිඳ : අවිවාහක
ලිපිනය : යාලගමුව, ගල්පොතුදූව, අඹගස්කැටිය, ලුණුවත්ත
ලබා ගෙන ඇති පදක්කම් : පරම වීර විභූෂණය.

එතෙක් මෙතෙක් යුධ ඉතිහාසයේ සිදු කල සාර්ථකම හා දැවැන්තම ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමෙි මෙහෙයුමට ඉදිරි ප්‍රහාරකයෙක් ලෙස 6 වන පාබල හමුදා රෙජිමෙන්තුවෙි ආධුනික සෙබල රත්නායක නන්දිකඩාල් හමුදා ඉදිරි ආරක්ෂක වලල්ලේ රාජකාරි කරමින් සිටියේය.

කොටි ත්‍රස්තවාදින් විසින් අහිංසක දමිල වැසියන් මිනිස් පලිහක් ලෙසින් යොදා ගනිමින් හමුදා භට පිරිස් වෙත ඉවක් බවක් නොමැතිව ප්‍රහාර එල්ල කරමින් සිටියාය. කොටින්ගෙන් එල්ල වන දැඩි ප්‍රහාර හමුවෙි වුවත් සිවිල් වැසියන්ගේ ජිවිත ආරක්ෂා කර දිමෙි අරමුණින් හමුදා රණවිරුවන් සිය ප්‍රහාර සිමා කරමින් කොටි ඉදිරි ආරක්ෂක තිරුව හරහා එමින් සිටි දමිල වැසියන් හැකි සෑම උත්සහයක්ම යොදමින් රජයේ පාලන ප්‍රදේශ වෙතට ගෙන ඒමට පියවර ගත්තේ සිය ජිවිත අවධානම පවා නොතකමිනි.

2011 වසරේ මැයි මස 11 වෙනිදා හමුදා භට පිරිස් නන්දිකඩාල් කොටි ඉදිරි ආරක්ෂක තිරුවෙි මිටර් 300 ක ප්‍රදේශයක් සිය ග්‍රහනයට ගැනීමට සමත්වීය. මෙි අතර තුරේදි හමුදා භට පිරිස් අල්ලා ගෙන සිටින ඉදිරි ආරක්ෂක තිරුව අසල පිහිටි කලපුව දෙසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරිමෙි අරමුණීන් මුහුදු කොටි බෝටිටු කිහිපයක් පැමිනෙමින් තිබුනී.

තමා ඇතුළු භට පිරිස් සිටින ප්‍රදේශයට කොටි බෝටිටු කිහිපයක් එන ආකාරය දුටු ආධුනික සෙබල දයානන්ද වහා ඒ දෙසට තම ගිනි අවියෙන් ප්‍රහාර එල්ල කරමින් කලපු දියට පැන්නේ කිසිවෙකුත් නොසිතු මොහොතකදි. තනි සොල්දාදුවෙක් වුවත් දයානන්ද එල්ල කල ප්‍රහාරය නිසා ඔහු අසලටම වාගේ පැමිනෙමින් තිබුනු මරාගෙන මැරෙන මුහුදු කොටි බෝටිටුව පුපුරා ගියේ නන්දිකඩාල් කලපුව ඇතුළු අවට ප්‍රදේශයම දෙවනත් කරමිනී.

තමාගේ දිවි රැක ගැනීමට අවස්ථාව තිබියදි ඒ පිලිබදව කිසිදු ආකාරයක තැකීමක් නොකර සිය සහෝදර සෙබළුන්ගේ දිවිය ආරක්ෂා කර ගැනීමට තම දිවිය පුජා කල ආධුනික සෙබල රත්නායකට පරම වීර විභුෂණ පදක්කම පිරිනැමිනි.