කෝප්‍රල් එස්.වී.ඒ.එම්. පුෂ්පමාල් PWV – ශ්‍රී ලංකා යුධ හමුදාව

පළමුවන බළඇණිය, කොමාන්ඩෝ බලකාය

*පෞද්ගලික තොරතුරු *
සම්පුර්ණ නම : එස්.වී.ඒ.එම්.පුෂ්පමාල්
හමුදා ඒකකය : පළමුවන බළඇණිය, කොමාන්ඩෝ බලකාය
මියගිය ස්ථානය : පුදුමාතලන්
උපන් දිනය : 1987 අප්‍රේල් 25
මියගිය දිනය : 2009 අප්‍රේල් 21
වයස : 22
පදක්කම ලැබුණු දිනය : 2013 මැයි 18
විවාහක /අවිවාහක බව : අවිවාහක
මව : කේ.වී.අමරාවතී මැණිකේ
පියා : එස්.වී.ජී.විජේරත්න
බිරිඳ : අවිවාහක
ලිපිනය : 35, සමන්සිරි ගම, මින්නේරිය
ලබා ගෙන ඇති පදක්කම් : පරම වීර විභූෂණය.

පුදුමාතලන් යුදමුක්ත කලාපයේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් රදවාගෙනන සිටි සිවිල් වැසියන් වර්ෂ 2009 ක් වු අප්‍රේල් මස 21 වන දින මුදවා ගනිමින් සිටියදී මෙම කණ්ඩායම වෙත ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එල්ල වු ප්‍රහාරය මැඩපැවැත්වීම සදහා එවකට ලාන්ස් කෝප්‍රල් පුෂ්පමාල් එස්වීඒඑම් ස්වකැමැත්තෙන් ඉදිරිපත් වී සතුරන් සමග මුහුණට මුහුණලා සටන් කොට ඔවුන් විනාශ කිරීමට කටයුතු කර ඇත.
එම සටනේදී මොහු තුවාල ලැබුවද ත්‍රස්තවාදී ප්‍රහාරවලට සාර්ථක ප්‍රතිප්‍රහාර එල්ල කර ඔවුන්ගේ සියළු උත්සාහයන් ව්‍යර්ථ කර ආරක්ෂක වලල්ලෙහි රැදී සිටියදී ත්‍රස්ත ප්‍රහාරයකින් මෙම වීරෝදාර රණවිරුවා සටන් බිමේදීම දැයෙන් සමුගෙන ඇත.
*දිවි පරදුවට තබා අභිත රණවිරුවෙකු සේ සිදුකරන ලද මෙම වික්‍රමාන්විත ක්‍රියාව අරබයා කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් සෙබල 554572 කෝප්‍රල් පුෂ්පමාල් එස්වීඒඑම් යන රණවිරුවාණන් පරම වීර විභූෂණයෙන් පිදුම් ලබන්නේය”…!