ලාන්ස් කෝප්‍රල් ඩබ්.අයි.එම්. සෙනෙවිරත්න PWV – ශ්‍රී ලංකා යුධ හමුදාව

හත්වන බළඇණිය, ශ්‍රීලංකා පාබල හමුදාව

*පෞද්ගලික තොරතුරු *
සම්පුර්ණ නම : ඩබ්ලිව්.අයි.එම්.සෙනෙවිරත්න
හමුදා ඒකකය : හත්වන බළඇණිය, ශ්‍රීලංකා පාබල හමුදාව
මියගිය ස්ථානය : යාපනය
උපන් දිනය : 1969 මැයි 03
මියගිය දිනය : 1996 ජූලි 04
වයස : 27
පදක්කම ලැබුණු දිනය : 1998 ඔක්තෝබර් 10
විවාහක /අවිවාහක බව : අවිවාහක
මව : ආර්.එම්.පුංචිහාමි
පියා : අයි.ඩබ්ලිව්.එච්.ගුණවර්ධන
බිරිඳ : අවිවාහක
ලිපිනය : කපුගම,කොබෙයිගනේ
ලබා ගෙන ඇති පදක්කම් : පරම වීර විභූෂණය.

ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.අයි.එම් සෙනවිරත්න ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සොල්දාදුවෙකි. 1987 ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවයට එක්වීමෙන් අනතුරුව 1996 ජූලී 4 වන දින යාපනයේ දී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ට එල්ල කිරීමට පැමිනි කොටි ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් තම ජීවිත පරිත්‍යාගඑය්න් වලකවාලීය. එම වීර ක්‍රියාව උදෙසා, ඔහුට පසුව නිර්භීතකම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රදානය කරනු ලබන විශිෂ්ටතම පදක්කම වන පරම වීර විභූෂණය පුද කරණ ලදී.