ලුතිතන් කේ.ඩබ්.ටි. නිශ්සංක PWV – ශ්‍රී ලංකා යුධ හමුදාව

තුන්වන බළඇණිය, ගජබා රෙජිමේන්තුව

*පෞද්ගලික තොරතුරු *
*සම්පුර්ණ නම : කේ.ඩබ්ලිව්.ටී.නිශ්ශංක
*හමුදා ඒකකය : තුන්වන බළඇණිය, ගජබා රෙජිමේන්තුව
*මියගිය ස්ථානය : පුනරීන්
*උපන් දිනය : 1971 ඔක්තෝබර් 21
*මියගිය දිනය : 1993 නොවැම්බර් 11
*වයස : 22
*පදක්කම ලැබුණු දිනය : 1996 පෙබරවාරි 04
*විවාහක /අවිවාහක බව : අවිවාහක
*මව : කේ.පී.දයාවතී
*පියා : කේ.ඩබ්ලිව්.කරුණාරත්න
*බිරිඳ : අවිවාහක
*ලිපිනය : 61/8, ලුතිනන් නිශ්ශංක මාවත පහල ඉඹුල්ගොඩ, ගම්පහ
*ලබා ගෙන ඇති පදක්කම් : පරම වීර විභූෂණය.

ඔහු අවසාන වරට සේවය කලේ පූනරින් කඳවුරට අනුබද්ධිත හමුදා අනුඛණ්ඩයක අණදෙන නිලධාරියා වශයෙනි. ඔහු තමා අණදුන් අනුඛණ්ඩයේ භටයන් 1993 නොවැම්බර් 11 දින ප. ව. 1.30 ට පමණ කොටි ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරයකට ලක්වූ අවස්ථාවේ , තුවාල ලැබූ සෙබලුන් හා සෙසු අයවලුන් හට පසුබැසීම උදෙසා තනිවම සතුරාගේ ගමන ප්‍රමාද කිර්‍රීමේ නිර්භීත ප්‍රයත්නයේ දී ජීවිතක්ෂයට පත්විය.
මරණයෙන් පසු දෙවෙනි ලුතිනන් කේ.ඩබ්ලිව්.ටී නිශ්ශංක, 1996 දී පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබිය.