කපිතාන් පී.එන්. පුන්සිරි PWV – ශ්‍රී ලංකා යුධ හමුදාව

තුන්වන බලඇණිය, ගජබා රෙජිමේන්තුව

*පෞද්ගලික තොරතුරු *
සම්පුර්ණ නම : පී.එන්.පුන්සිරි
හමුදා ඒකකය : තුන්වන බළඇණිය, ගජබා රෙජිමේන්තුව
මියගිය ස්ථානය : පාලම්පිඩ්ඩි
උපන් දිනය : 1983 ජනවාරි 27
මියගිය දිනය : 2007 ජූලි 2
වයස : 24
පදක්කම ලැබුණු දිනය : 2013 මැයි 18
විවාහක /අවිවාහක බව : අවිවාහක
මව : ආර්.එම්.ධර්මවති
පියා : පී.ජී.පොඩිමහත්තයා
බිරිඳ : අවිවාහක
ලිපිනය : 14/19/2, කුසුම් පොකුණ, දිවුලන්කඩවල, මැදිරිගිරිය
ලබා ගෙන ඇති පදක්කම් : පරම වීර විභූෂණය.

2007 වසරේ ජූලි 2 වැනිදා පුන්සිරි රණවිරුවා තවත් කණ්ඩායමක් සගම එක්ව පාලම්පිඩ්ඩි ප්‍රදේශයේ කොටි ත්‍රස්තවාදී ඉලක්කයක් වෙත ප්‍රහාරයක් එල්ල කළා. එම අවස්ථාවේ දී කොටි ත්‍රස්තවාදීන්ට දරුණු හානි සිදුවුණත් ඔවුන් යළි ප්‍රතිසංවිධානය වී වෙනස් දිශාවකින් පැමිණ පුන්සිරි ඇතුළු පිරිසට දරුණු ප්‍රහාරයක් එල්ල කළා. එම ප්‍රහාරයෙන් පසුව පුන්සිරි ඇතුළු පිරිස අසීරු තත්ත්වයකට පත්වුණා. එදා අත්බෝම්බ දෙකක් දෑතට ගත් පුන්සිරි රණවිරුවා සතුරා මැදට ගොස් එය පුපුරවා ගත්තා. එම නිසා සිය සගයන් රැසකගේ ජීවිත රැකදීමට ඔහුට හැකි වුණා. එදා ඔහු කළ වීරකම නිසා 2013 වසරේ මැයි 18 වැනිදා පරම වීර විභූෂණ පදක්කම හිමි විය