ලාන්ස් කෝප්‍රල් ඒ.එම්.බී.එච්.ජී. අබේරත්න බංඩා PWV – ශ්‍රී ලංකා යුධ හමුදාව

විසි එක්වන වන බළඇණිය, ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුව

*පෞද්ගලික තොරතුරු *
සම්පුර්ණ නම : ඒ.එම්.බී.එච්.ජී.අබේරත්න බංඩා
හමුදා ඒකකය : විසි එක්වන බළඇණිය, ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුව
මියගිය ස්ථානය : විශ්වමඩු
උපන් දිනය : 1988 ජූලි 13
මියගිය දිනය : 2009 ජනවාරි 29
වයස : 21
පදක්කම ලැබුණු දිනය : 2012 මැයි 19
විවාහක /අවිවාහක බව : අවිවාහක
මව : ඒ.එම්.බිසොමැනිකේ
පියා : ඒ.එම්.උක්කුබණ්ඩා
බිරිඳ : අවිවාහක
ලිපිනය : 160/5, මාගොඩ, මැදමහනුවර, මහනුවර
ලබා ගෙන ඇති පදක්කම් : පරම වීර විභූෂණය.

දිගින් දිගටම හමුදා ඉදිරි ආරක්ෂක කලාපයට ප්‍රහාර එල්ල කරන කොටි ත්‍රස්තවාදින්ගේ බන්කර් පේලියක් අත්පත් කර ගැනීමෙි අරමුණෙන් ආධුනික සෙබල අබෙිරත්න බණ්ඩා ඇතුළු අට දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් කොටි ඉදිරි ආරක්ෂක වලල්ල වෙත රහසින් ඇතුල්විය.

පුද්ගල නාශක බෝමිබ, කොටින් විසින් අටවා තිබුනු මර උගුල් එකින් එක ගලවා ඉවත් කරමින් හමුදා භට පිරිස් සිය ඉලක්කය වෙත ලංවුනේ බන්කර් තුල සිටි කොටි ත්‍රස්තවාදින්ට සිහින් හෝ ඉගියක් ලබා නොදෙමින්ය.

සිය ඉලක්කය වෙත ලගාවු හමුදා භටයින් බන්කර් තුල සිටි කොටි ත්‍රස්තවාදින් මවිතයට පත් කරවමින් ප්‍රහාරයක් එල්ල කලේ 2009 වසරේ ජනවාරි මස 29 වෙනිදා අළුයමි කාලේදීය. තමන්ට එල්ල වන ප්‍රහාරයත් සමග කොටි ත්‍රස්තවාදින්ද හමුදා භට කණ්ඩායමි වෙත ප්‍රති ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත් අතර මෙහිදි දෙපාර්ශවය අතර දරුණු ගැටුමක් ඇතිවිය.

කොටි ත්‍රස්තවාදින් සමග ඇතිවු ගැටුමින් හමුදා සාමාජිකයින් අට දෙනාට තුවාල සිදුවී තිබු අතර ආධුනික සෙබල අබෙිරත්න බණ්ඩා සිය ඉලක්කය සපුරා ගන්නා තුරු පසු නොබසින බව පවසමින් තමා සතු ගේ්‍රනේඩි වර්ගයේ අත් බෝමිබ දෙකක්ද රැගෙන කොටි බන්කර් පේලිය වෙත කඩා වැදුනේ ඒ තුලින් විශාල පිපිරිමක්ද ඇති කරවමින්ය.

හුදෙක් තම සහෝදර සෙබලළුන්ගේ ජිවිතය හා රට දැය ආරක්ෂා කර ගැනීම උදෙසා සිදුකල ඒ උත්තම ජිවිත පරිත්‍යාගය නිසා 21 වන සිංහ රෙජිමෙින්තුවෙි ආධුනික සෙබල අබෙිරත්න බණ්ඩාට පරම වීර විභුෂණ පදක්කම පිරිනැමීය.