මාණ්ඩලික සැරයන් එච්.ජි.එස්. බණ්ඩාර PWV, RSP – ශ්‍රී ලංකා යුධ හමුදාව

හතරවන බළඇණිය, විජයබාහු පාබල රෙජිමේන්තුව

*පෞද්ගලික තොරතුරු *
සම්පුර්ණ නම : එච්.ජී.එස්.බණ්ඩාර
හමුදා ඒකකය : හතරවන බලකාය, විජයබාහු පාබල රෙජිමේන්තුව
මියගිය ස්ථානය : නන්දිකඩාල්
උපන් දිනය : 1979 අප්‍රේල් 29
මියගිය දිනය : 2009 මැයි 17
වයස : 30
පදක්කම ලැබුණු දිනය : 2012 මැයි 19
විවාහක /අවිවාහක බව : විවාහක
මව : එම්.ජී.චන්ද්‍රලතා
පියා : එච්.එන්.කේ.අබේසේකර
බිරිඳ : දර්ශනී නයනා වේරගොඩ
ලිපිනය : හේවාදිවෙල, දුල්මුණේ
ලබා ගෙන ඇති පදක්කම් : පරම වීර විභූෂණය, රණ ශූර පදක්කම.

ත්‍රස්තවාදීන්ගේ අවසන් බලකොටුව වු නන්දිකඩාල් කලපු ප්‍රදේශය, ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීම සදහා මෙහෙයුම දියත් වෙමින් තිඛියදී සැරයන් බණ්ඩාර එඛ්ජීඑස් ගේ අණදිම යටතේ 08 දෙනෙකු ගෙන් යුත් කුඩා කණ්ඩායමක් 2009.05.17 දින නන්දිකඩාල් ප්‍රදේශයේ කුඩා දූපතක රැක සිට පහරදීමේ ක්‍රියාන්ධීතයක යොදවන ලදී.

මෙහිදී ඔහු ඇතුළු කණ්ඩායමට 150 කට අධික ත්‍රස්තවාදී කණ්ඩායමකට මුහුණුදීමට සිදූවු අතර, කුඩා කණ්ඩායමකින් විශාල ත්‍රස්ත කණ්ඩායමකට ප්‍රහාර එල්ල කිරීම විශාල අවදානමක් වුවත් සිදුවීමට යන වීනාශය මැනවින් වටහාගත් ඔහු ජිවිත අවදානම නොතකා තමා සතු උපරිම වෙඩි බලය යොදා ගනිමින් ප්‍රහාරයක් දියත් කළේය.

මෙහිදී ඔහු ඇතුළු ඔහුගේ කණ්ඩායමේ සියලු දෙනා සටනින් බරපතල ලෙස තුවාල ලැබු අතර, එම තුවාලකරුවන් ප්‍රතිකාර සදහා පසුපසට යවා නව භට පිරිස් ගෙන්වා ගනිමින් ඔහු තවදූරටත් සටන් කළේය. සැරයන් බණ්ඩාර හට ප්‍රතිකාර ලබාගැනීම සදහා පසුපසට යාමට හැකිව තිඛියදිත් තම ජීවිතය පිළිබදව නොසලකා තවදූරටත් විශිෂ්ට රණකාමියෙකු ලෙස සටන් වදින ලදී.

මෙසේ සටන් කිරීම නිසා ත්‍රස්තවාදීන්ගේ ප්‍රයත්නය සම්පුර්ණයෙන් ව්‍යර්ථ කිරිමට සැරයන් බණ්ඩාර එඛ්ජීඑස් හට හැකි වුවත්, සටන අවසන් වන ධීට බරපතල ලෙස තුවාල ලැච්ම සහ අඹ්ක ලේ වහනය ධ්මෙන් ඔහු ඉතා දූර්වල තත්ත්වයකට පත්ව ජාතියේ ස්වාධිපත්‍ය පිණිස දිධී පිදූ රණධීරුවෙකු බවට පත්ධීය.

මෙම විශිෂ්ට රණකාමිත්වය අගයමින් විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් සෙ/511904 සැරයන් බණ්ඩාර එඛ්ජිඑස් පරම වීර විභූෂණයෙන් පිදූම් ලබන්නේය.