ලුතිතන් ඩබ්.ඩි. ජයතිලක PWV – ශ්‍රී ලංකා යුධ හමුදාව

නවවන බළඇණිය, ගැමුණු බලකාය

*පෞද්ගලික තොරතුරු *
සම්පුර්ණ නම : ඩබ්ලිව්.ඩි.ජයතිලක
හමුදා ඒකකය : නවවන බළඇණිය, ගැමුණු බලකාය
මියගිය ස්ථානය : ඉරණමඩු
උපන් දිනය : 1985 නොවැම්බර් 04
මියගිය දිනය : 2009 අප්‍රේල් 20
වයස : 24
පදක්කම ලැබුණු දිනය : 2013 මැයි 18
විවාහක /අවිවාහක බව : අවිවාහක
මව : කේ.ජී.කරුණාවතී
පියා : ඩබ්ලිව්.ඩි.නන්දසේන
බිරිඳ : අවිවාහක
ලිපිනය : රෑනගින්න, තෙල්හවාඩියාගම, මැදිවෙල, උඩුකිඳ
ලබා ගෙන ඇති පදක්කම් : පරම වීර විභූෂණය.

වසර 2009 ක් වු අප්‍රේල් මස 20 වන දින ඉරණමඩු ප්‍රදේශයේ දැවැන්ත ආරක්‍ෂක පස් බැම්ම අත්පත් කරගැනීම සඳහා සිදු කරන ලද ක්‍රියාන්විතයට ඛණ්ඩභාර නිලධාරීයෙකු වශයෙන් මෙම නිලධාරීද සහභාගී විය.
තමා සමඟ පැමිණි කණ්ඩායම සමඟ උපක්‍රමශීලීව ත්‍රස්තවාදී බංකර් පෙළ වෙත ළගාවී ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට මොහු සමත් විය. සතුරා සමඟ මුහුණට මුහුණලා සිදුකළ මෙම සටනේදී තම සගයින් විශාල ප්‍රමාණයක් තුවාල ලැබීම මත අනෙකුත් සෙබළුන්ගේ ජිවිත ආරක්ෂා කිරීමේ අරමුණින් තමා අත තිබූ අත් බෝම්බය සමඟ සතුරු බංකරය තුළට කඩා පැන එය පුපුරුවා හැර ත්‍රස්තවාදින් විශාල ප්‍රමාණයක් විනාශයට පත්කරන ලදී.
මෙහිදි සිදු වූ බරපතල තුවාල හේතුවෙන් යුද භූමියේදී ම අවසන් සුසුම් හෙළු ගැමුණු හේවා බලකායට අයත් නි/416581 ඩබ්.ඩි ජයතිලක රණධීරුවාණන් මව්බිම වෙනුවෙන් සිදු කළ මෙහෙවර වෙනුවෙන් පරම වීර වීභුෂණයෙන් පිදුම් ලබන්නේය.