ලාන්ස් කෝප්‍රල් ටි.ජි.ආර්. දයානන්ද PWV, RWP – ශ්‍රී ලංකා යුධ හමුදාව

අටවන බළඇණිය, ශ්‍රීලංකා පාබල හමුදාව

* පෞද්ගලික තොරතුරු *
සම්පුර්ණ නම : ටී.ජී.ඩි.ආර්.දයානන්ද
හමුදා ඒකකය : අටවන බළඇණිය, ශ්‍රීලංකා පාබල හමුදාව
මියගිය ස්ථානය : කිලිනොච්චිය
උපන් දිනය : 1988 ඔක්තෝබර් 6
මියගිය දිනය : 2008 සැප්තැම්බර් 16
වයස : 20
පදක්කම ලැබුණු දිනය : 2012 මැයි 19
විවාහක /අවිවාහක බව : අව්වාහක
මව : ජී.ඩි.ටී.එස්. චන්ද්‍රා ඥානගුරු
පියා : ටී.ජී. දයානන්ද
බිරිඳ : අවිවාහක
ලිපිනය : 662/බී, සේවා ජනපදය, පදවි ශ්‍රී පුර
ලබා ගෙන ඇති පදක්කම් : පරම වීර විභූෂණය, රණ වික්‍රම පදක්කම.

කොටි ත්‍රස්තවාදින්ගේ ප්‍රධාන සැපයුමි මාර්ගයවු කිලිනොචිචී-අක්කරායන්කුලමි මාර්ගය අත්පත් කර ගැනීම සදහා සාමාන්‍ය සෙබල දයානන්ද ඇතුළු හමුදා රණවිරුවන් මෙහෙයුමක් දියත් කලේ තමන්ගේ අරමුණ ඒකායනයෙන් සාක්ෂාත් කර ගැනීමෙි බලාපොරොත්තු වෙනී.

කොටි පාලන ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඉදිරියට ඇදුනු හමුදා රණවිරුවන්ට කොටි ත්‍රස්තවාදින් විසින් කාලතුවක්කු, මෝටාර් වැනි බර අවි යොදා ගනිමින් දිිගින් දිගටම ප්‍රහාර එල්ල කලේ තම පාලන ප්‍රදේශය රැක නොගතහොත් ඉදිරියේදි තම සැපයුමි මාර්ගය අහිමිවන බව හොදාකරයෙන්ම වටහා ගෙන තිබු නිසාය.

හමුදා භට පිරිස් ඉදිරියට ඒම වලක්වාලීමට කොටි ත්‍රස්තයින් එල්ල කල බර අවි ප්‍රහාරය සාර්ථක නොවු නිසා මුහුනට මුහුනලා සටන් කිරිමෙි අරමුණින් කොටි සාමාජිකයින් හමුදා භට පිරිස් රැදි සිටින ඉදිරි ආරක්ෂක වලල්ලට රැලි රැලි වශයෙන් පැමින ප්‍රහාර එල්ල කලේ මෙි අතර තුරේදීය.

කොටි ත්‍රස්තවාදින් විසින් එල්ල කල මෙම ප්‍රහාරයෙන් හමුදා රණවිරුවන් රැසක් තුවාල ලැබු අතර සැලකිය යුතු තවත් පිරිසක් මිය ගොස් සිටියේය. මෙහිදි තවත් කොටි සාමාජිකයින් කණ්ඩායමක් හමුදා ඉදිරි ආරක්ෂක වලල්ලට කඩා ගෙන ඉදිරියට යෑමෙි අරමුණෙන් පැමිනෙන අයුරු නිරික්ෂණය කල සාමාන්‍ය සෙබල දයානන්ද වහාම තමා සතු එමි.පි.එමි.ජී. ගිනි අවිය අතට ගෙන ඉදිරියට එමින් සිටි කොටි කණ්ඩායම ඉදිරියට පැන ක්ෂණික ප්‍රහාරයක් එල්ල කලාය.

එවැනි ආකාරයේ ප්‍රහාරයක් එල්ල වෙියැයී කියා සිහිනෙකින්වත් නොසිතු කොටි කණ්ඩායමෙි විශාල පිරිසක් මරු තුරුලට යවන්න සාමාන්‍ය සෙබල දයානන්දට හැකි වුවත් කොටින්ගෙන් එල්ලවු ප්‍රති ප්‍රහාර නිසා සිදුවු තුවාල හේතුවෙන් සිය ලක්මව වෙනුවෙන් දිවි පිදුවාය.

තම සහෝදර භට පිරිසකගේ ජිවිතය ආරක්ෂා කරමින් කොටි ත්‍රස්තයින්ගෙන් හමුදා ඉදිරි ආරක්ෂල වලල්ලේ බලය ඇල්ලීමට යෙදු උපක්‍රමය ව්‍යර්ථ කරමින් රට ජාතිය වෙනුවෙන් දිවිපිදු සාමාන්‍ය සෙබල ඊ.ජී.ඩී.ආර්. දයානන්ද හට පරම වීර විභුෂණ පදක්කම පිරිනැමිනී.