ලුතිතන් කමාන්ඩර් ජේ.එල්.ඩී.එස්. විජේතුංග PWV – ශ්‍රී ලංකා නාවික හමුදාව

විධායක නිලධාරී, KDA – 05

*පෞද්ගලික තොරතුරු *
සම්පුර්ණ නම : ජූඩ් ලක්මාල් විජේතුංග
හමුදා ඒකකය : විධායක නිලධාරි KDA – 05
මියගිය ස්ථානය : චලෙයි
උපන් දිනය : 1967 පෙබරවාරි 03
මියගිය දිනය : 1996 මාර්තු 30
වයස : 29
පදක්කම ලැබුණු දිනය :
විවාහක /අවිවාහක බව : අවිවාහක
මව : ඩබ්ලිව්.ඒ.ඩි.ඉසබෙල්
පියා : එන්.එස්.සී.එස්. විජේතුංග
බිරිඳ : අවිවාහක
ලිපිනය : 435, සුනිල් බටපොල පාර, ඇල්පිටිය
ලබා ගෙන ඇති පදක්කම් : පරම වීර විභූෂණය.

නාවික හමුදාවේ අධිවේගි ඩෝරා යාත්‍රාවන්ට අණදුන් නිළධාරියෙකි. 1996 මාර්තු 30 වන දින නාවික හමුදා ප්‍රවාහන යාත්‍රාවකට ආරක්ෂාව දෙමින් සිටියදී මුහුදු කොටින් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කළා. මෙම ප්‍රහාරයෙන් ඔහුගේ ඩෝරා යාත්‍රාවට සහ ඔහුගේ කණ්ඩායමට දැඩි ලෙස හානි සිදුවු අතර එය නොතකා මරාගෙන මැරෙන බෝට්ටුවලට ප්‍රහාර එල්ල කල අතර එමගින් ඔහුගේ යාත්‍රා 2 ක් සහ මුහුදු කොටි යාත්‍රාද මුළුමනින් විනාශයට පත් වුණා. තම දිවි නොතකා ප්‍රවාහන යාත්‍රාව බේරාගනිමින් සිදුකල වීර වික්‍රම ක්‍රියාව නිසා විජේතුංග රණවිරුවා මෙම පදක්කම පිරිනමනු ලැබුවා.