සැරයන් ඩි.එම්.එස්. චන්ද්‍රසිරි බණ්ඩාර PWV, RSP – ශ්‍රී ලංකා යුධ හමුදාව

දෙවන බළඇණිය, විශේෂ සේවා බලකාය

*පෞද්ගලික තොරතුරු *
සම්පුර්ණ නම : ඩි.එම්.එස්.චන්ද්‍රසිරි බණ්ඩාර
හමුදා ඒකකය : දෙවන බළඇණිය, විශේෂ සේවා බලකාය
මියගිය ස්ථානය : පුදුකුඩුඉරිප්පු
උපන් දිනය : 1977 ජුනි 10
මියගිය දිනය : 2009 පෙබරවාරි 03
වයස : 32
දක්කම ලැබුණු දිනය : 2012 මැයි 19
විවාහක /අවිවාහක බව : විවාහක
මව : කේ.පී.කැතරින් සිල්වා
පියා : ඩි.එම්.ගුණපාල
බිරිඳ : ආර්.එම්.කුමාරි රණසිංහ
ලිපිනය : මහියංගනය පාර, මොරගහකඳුර. | 4 වන කණුව, දියකොඹල, බිබිල
ලබා ගෙන ඇති පදක්කම් : පරම වීර විභූෂණය, රණ ශූර පදක්කම.

ඒ 2009 වසරේ පෙබරවාරි මස 3 වෙනිදා කොටි ත්‍රස්තවාදින්ගේ ග්‍රහණයේ සිටින අහිංසක දමිල වැසියන් බෙිරා ගැනිමෙි අටියෙන් හමුදා භට පිරිස් සිය ඉදිරි මෙහෙයුමි ක්‍රියාත්මක කරමින් සිටියේ කොටි ත්‍රස්තවාදින්ගෙන් එල්ලවු දැඩි ප්‍රහාර මධ්‍යයේය.

ඉදිරියට ඇදෙමින් සිටින හමුදා භට පිරිස් වෙත කොටි ත්‍රස්තවාදින් විසින් තමන් සතු උපරිම හැකියාව යොදා ගනිමින් ප්‍රහාර එල්ල කලත් ඔවුන්ගේ උත්සහය ව්‍යර්ථවුයේ බලා සිටියදීමය. තව දුරටත් බලා සිටියොත් තමන්ට අත්වන පරාජය ගැන සිහිනෙකින්වත් සිතීමට අකමැතිවු කොටි ත්‍රස්තයින් සී-4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය යොදා සකස් කල වෑන් රථයක් මරාගෙන මැරෙන කලු කොටි සාමාජිකයෙක් හමුදා ඉදිරි ආරක්ෂක වලල්ල වෙත එවන ලදියි.

ඉදිරි ආරක්ෂක වලල්ලේ සිට කොටි ත්‍රස්තවාදින්ට ප්‍රහාර එල්ල කරමින් සිටි 2 වන විශේෂ බලකා රෙජිමෙින්තුවෙි කෝප්‍රල් චන්ද්‍රසිරි එකවර තමන් සිටින දිසාවට පැමිණෙන වෑන් රථය දෙස සිය විමසිලි නෙත් යොමු කලේ එය සිවිල් වැසියන් රැගත් වාහනයක්දැයි සැකහැර දැනගැනීමට අවශ්‍ය නිසාය. ඉතා වෙිගයෙන් එමින් තිබු වාහනය කොටි ත්‍රස්තවාන් විසින් පුපුරණ ද්‍රව්‍ය පිරවු වාහනයක් බවට හදුනා ගැනීමට වැඩි වෙලාවක් ගත නොවුයේ ඊට අවස්ථා දෙකකදි කොටි සාමාජිකයින් මෙවැනීම උපාය මාර්ගයන් අනුගමනය කල නිසාවෙනී.

කොටින්ගේ මරාගෙන මැරෙන වෑන් රථය තම ඉදිරි ආරක්ෂක වලල්ල අසලට පැමින පුපුරුවා හැරියොත් සිදුවන ජිවිත විනාශය ගැන සිතු කෝප්‍රල් බණ්ඩාර තමා සතු ගිනි අවිය පසෙකලා අසල තිබු ආර්.පි.ජී.අවිය සියතට ගත් ඔහු තමා ඉදිරියට පැමිනෙමින් තිබු වෑන් රථය ඉලක්ක කර සිය අතැති අවිය ක්‍රියා කලත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවිය.

තත්පරයක කාලයක් හෝ අපතේ නොයැවු ඔහු වෙනත් ආර්.පි.ජී. උණ්ඩයක් සවිකර ගෙන නැවතත් කොටි වෑන් රථය ඉලක්ක කරනා විට එය කෝප්‍රල් සාගර ගේ සමීපයටම පැමින තිබුනී. තමාගේ ජිවිතය බෙිරා ගැනීමට වෙනතකට යෑමට හැකියාව ලැබුනත් එසේ සිදු නොකල ඔහු තම ආර්.පි.ජී. අවිය ක්‍රියාත්මක කලේ මරුවාට සිනා සෙමින්ය. ඇසපිල්ලන් ගසන්නවත් ඉඩක් කඩක් නොදෙමින් කොටි මරාගෙන මැරෙන වෑන් රථය හමුදා ඉදිරි ආරක්ෂක වලල්ල අසලදි පුපුරා ගියේ කෝප්‍රල් චන්ද්‍රසිරි බණ්ඩාර නමි වීර පුතුනුවන් ලක්මවට අහිමි කර දෙමින්ය.

තමාගේ ජිවිතයට වඩා සිය සහෝදර සෙබලුන්ගේ ජිවිතය ගැනත්, මාතෘභුමිය් ඒකීය භාවය උදෙසා දිවි කැප කල කෝප්‍රල් ඩි.එමි.එස්. චන්ද්‍රසිරි බණ්ඩාර රණවිරුවාට පරම වීර විභුෂණ පදක්කම පිරිනැමිනී.