කෝප්‍රල් කේ. චන්දන PWV – ශ්‍රී ලංකා යුධ හමුදාව

තුන්වන බළඇණිය, විශේෂ සේවා බලකාය

*පෞද්ගලික තොරතුරු *
සම්පුර්ණ නම : කේ. චන්දන
හමුදා ඒකකය : තුන්වන බළඇණිය, විශේෂ සේවා බලකාය
මියගිය ස්ථානය : මාන්කුලම්
උපන් දිනය : 1980 පෙබරවාරි 22
මියගිය දිනය : 2008 ජූලි 25
වයස : 28
පදක්කම ලැබුණු දිනය : 2012 මැයි 19
විවාහක /අවිවාහක බව : විවාහක
මව : ඩබ්ලිව්.ඩිංගිහාමි
පියා : කේ. පොඩිනේරිස්
බිරිඳ : ඩබ්ලිව්.එම්. සුමිත්‍රා මල්කාන්ති
ලිපිනය : වටගොඩ ගෙදර, බද්දෙවෙල, ගවරවෙල, දෙමෝදර
ලබා ගෙන ඇති පදක්කම් : පරම වීර විභූෂණය.

මාන්කුලමි-කිලිනොචිචි මාර්ගයේ ගමන් ගන්නා කොටි නායකයින් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරිමෙි අරමුණෙන් රජයේ පාලන ප්‍රදේශයේ සිට කිලෝමිටර් 40ක් පමන ඈතට ගමන් කල ලාන්ස් කෝප්‍රල් චන්දන ඇතුළු සය දෙනෙක්ගෙන් යුත් විශේෂ බලකායේ දිගු දුර මෙහෙයුමි බලකාය නැවත තම කදවුර බලා ඒමට පිටත් වුයේ කොටි නායකයින් දෙදනෙක්ව මරු තුරුලට යැවීමෙින්ද අනතුරුවය.

හමුදා පාලන ප්‍රදේශය බලා එමින් සිටියි මෙම දිගු දුර මෙහෙයුමි බලකායේ සෙබළුන් ගැන ඉව වැටුනු කොටි ත්‍රස්තවාදින් මාන්කුලමි-තුනුක්කායි මාර්ගය අසලදි කොටු කර ප්‍රහාරයක් එල්ල කලේය. කොයි යමි මොහොතකදි හෝ තම කණ්ඩායමට සතුරු ප්‍රහාරයක් එල්ල වෙිතැයි සිතා සිටි දිගු දුර මෙහෙයුමි බලකායේ සාමාජිකයින් කොටි ත්‍රස්තවාදින් සමග මුහුනට මුහනලා සටන් කලේ නියම සිංහල ලේ ඇති රණකාමින් මෙන්ය.

කොටින් හා අතර ඇතිවුනු ගැටුමෙිදි තම සහෝදර සෙබලෙක්ට වෙඩි වැදි සිටිනවා දුටු ලාන්ස් කෝප්‍රල් චන්දන වහා එම සෙබලාව සටන් භුමියෙන් පිටු පසට ඇද තබා නැවතත් කොටින් හා සටනට එක්විය. මෙහිදි කොටි ප්‍රහාරය නිසා තුවාල ලබා සිටි ලාන්ස් කෝප්‍රල් චන්දන සිය තුවාල ගැන හෝ නොසිතා කොටින්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කලේ සිය කණ්ඩායම බෙිරා ගැනිමෙි අටියෙනි.

දරුණු සටනක් අතරේදි චන්දන ඇතුලු කණ්ඩායමට අණදෙන නිලධාරියාවු සාජන්ටි කොටි ප්‍රහාරයන් නිසා තුවාලවී බිම ඇද වැටෙනවා චන්දන දුටුවෙි ඒ මොහොතේදීය. තම අණදෙන නිලධාරියා කොටින්ගේ ග්‍රහණයට නතුවෙන ආකාරය දුටු ඔහු වහා සිය ගිනි අවිය අතැතිව කොටින් ඉදිරියට පැන දැඩි ප්‍රහාරයක් එල්ල කලේ සිය කාණ්ඩ අණදෙන නිලධාරියාගේ ජිවිතය බෙිරා ගනිමිනී.

තම අණදෙන නිලධාරියා බෙිරා ගත්තත්, එම සටනේදි සිදුවු තුවාල හේතුවෙන් 3 වන විශේෂ බලකා රෙජිමෙින්තුවෙි ලාන්ස් කෝප්‍රල් කේ.චන්දන රණවිරුවා දැයෙන් සමුගත්තේ තම කණ්ඩායමෙි අනෙක් සහෝදර රණවිරුවන්ගේ ජිවිත බෙිරා දෙමිනි.

රණබිමෙිදි සිදුකල ඒ වීරෝධාර කැප කිරිම නිසා ලාන්ස් කෝප්‍රල් කේ.වන්දන රණවිරුවාට පරම වීර විභුෂණ පදක්කම පිරිනැමිනී.