සැරයන් කේ.පී.ඩි.ටී. ගුණසේකර PWV, RSP – ශ්‍රී ලංකා යුධ හමුදාව

පළමුවන බළඇණිය කමාන්ඩෝ බලකාය

*පෞද්ගලික තොරතුරු *
සම්පුර්ණ නම : කේ.පී.ඩි.ටී. ගුණසේකර
හමුදා ඒකකය : පළමුවන බළඇණිය, කමාන්ඩෝ බලකාය
මියගිය ස්ථානය : පුදුකුඩුඉරිප්පු
උපන් දිනය : 1976 සැප්තැම්බර් 26
මියගිය දිනය : 2009 පෙබරවාරි 16
වයස : 33
පදක්කම ලැබුණු දිනය : 2013 මැයි 18
විවාහක /අවිවාහක බව : විවාහක
මව : ඊ.පී.ඩි. නන්දාවතී
පියා : කේ.පී.ඩි.ගුණසේකර
බිරිඳ : කුමාරි තිලකරත්න
ලිපිනය : අලුත්වැව, නක්කාවත්ත
ලබා ගෙන ඇති පදක්කම් : පරම වීර විභූෂණය, රණ ශූර පදක්කම.

ප්‍රබල ත්‍රස්තවාදී බලකොටුවක් වූ “දර පොයින්ට්” අත්පත් කර ගැනීමට වසර 2009 ක් වු පෙබරවාරි මස 16 වන දින 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක නායකයෙකු වශයෙන් කෝප්‍රල් ගුණසේකර ක්‍රියාන්විතය සඳහා සහභාගී විය.

මෙම ක්‍රියාන්විතයේදී හමුදා භට පිරිස් වෙත ත්‍රස්තවාදින් වීසින් එල්ල කරන ලද ප්‍රහාරය තුළින් තම අනුගාමික සෙබළුන් හට විය හැකි හානිය ක්‍ෂණිකව අවබෝධ කරගත් මොහු සහෝදර සාමාජිකයන්ගේ ජිවිත ආරක්‍ෂාව ගැන සිතා ස්වේච්චාවෙන්ම ප්‍රහාර එල්ල වන බංකරය තුළට වෙඩි ප්‍රහාරයක් දියත් කරමින් කඩා පැනීමේදී එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් එම බංකරය තුළදීම දැයෙන් සමුගෙන ඇත.

ස්වේච්චාවෙන්ම ඉදිරිපත් වී රණකාමිත්වය විදහා දක්වමින් සටන් වැද සිදුකල ක්‍රියාව අරබයා කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් සැරයන් ගුණසේකර පරම වීර විභුෂණයෙන් පිදුම් ලබන්නේය.