බළඝණ නායක ටි.ඩි.එස්. සිල්වාපුල්ලේ PWV, RWP, RSP – ශ්‍රී ලංකා ගුවන් හමුදාව

නව වන ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝනය

*පෞද්ගලික තොරතුරු *
*සම්පුර්ණ නම : ටී.ඩි.එස්.සිල්වාපුල්ලේ
*හමුදා ඒකකය : 9 වන ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝනය
*මියගිය ස්ථානය : තමිලමඩම
*උපන් දිනය : 1966 ජූලි 22
*මියගිය දිනය : 1999 දෙසැම්බර් 19
*වයස : 33
*පදක්කම ලැබුණු දිනය : 2012 මැයි 19
*විවාහක /අවිවාහක බව : විවාහක
*මව : කේ.පී.එස්.ප්‍රනාන්දු
*පියා : ජේ.ආර්.සිල්වාපුල්ලේ
*බිරිඳ : කේ.එන්.එම්.ශාමලී සිල්වාපුල්ලේ
*ලිපිනය : කලගෙඩිහේන
*ලබා ගෙන ඇති පදක්කම් : පරම වීර විභූෂණය, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම

අලිමංකඩට ඊසාන දෙසින් පිහිටි තමිලමඩමි ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා ඉදිරි ආරක්ෂක කලාපය ඉලක්ක කර ගනිමින් කොටි ත්‍රස්වාදින් සිය මුහුදු කොටි බලකාය සමග එක්ව ප්‍රහාරයක් දියත් කලේ 1999 වසරේ දෙසැමිබර් 17 වෙනිදාය.

දිගින් දිගටම ඇදහැලෙන වර්ෂාවෙි වුවත් යුධ හමුදා සෙබළුන්ට සහය දිම සදහා ගුවන් හමුදාවෙි එමි.අයි.24 වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා දෙකක් ගුවන් තලයට පිවිසුනේ සිය ජිවිතයට වඩා රාජකාරිය උතුමිවන බැවිනී.

ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා අලිමංකඩ ප්‍රදේශයේ සටන් පවතින ප්‍රදේශයට ලංවන විටත් දෙපාර්ශවය අතර දරුණු ගැටුමි ඇතිව තිබුනී. ඉදිරියෙන් පැමිණෙමින් තිබෙන මුහුදු කොටි බෝටිටු රැසක් ගැන නිරික්ෂණය කල එමි.අයි.24 ගුවන් යානාවෙි නියමු ලෙස කටයුතු කල සිල්වපුල්ලේ තම අනෙක් හෙලිකොප්ටරයේ සහය ඇතීව කොටි බෝටිටු වලට මදි නොකියන්න වගකියන්න වුයේ එම බෝටිටු එන පෙරමගටම ගොසිනි.

මෙහිදි කොටි ත්‍රස්තවාදින් විසින් ගුවන් හමුදා හෙලිකොප්ටර් දෙකද ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කලත් එය සාර්ථක නොවීය. ක්‍රමක් ක්‍රමයෙන් ගුවන් හමුදා ප්‍රහාර දැඩී විම නිසා මුහුදු කොටි බෝටිටු පලා බසින්නට පටන් ගත්තාය. මෙහිදි පලා යමින් තිබු එක් කොටි බෝටිටුවක සිටි ත්‍රස්තයෙක් ගුවන් යානා නාශක මිසයිලයක් ගෙන ගුවන් හමුදා හෙලිකොප්ටරයක් ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කලාය.

වින්ග් කමාන්ඩර් සිල්වපුල්ලේ රැගත් හෙලිකෝප්ටරයට වැදුනු කොටි මිසයිලය නිසා එය විනාශයට පත්විය. සිය සහෝදර හමුදා සෙබළුන්ගේ ජිවිත ආරක්ෂාව ගැන සිතා පැවති අයහපත් කාලගුණය ගැනද තැකීමක නොකර සිදුකලාවු ඒ උදාර ක්‍රියාව නිසා වින්ග් කමාන්ඩර් ටී.ඩී.එස්.සිල්වපුල්ලේ මහතාට පරම වීර විභුෂණ පදක්කම පිරිනැමිනී.