මාණ්ඩලික සැරයන් කේ.ජී.එන්.එල්.ආර්. පෙරේරා PWV, RSP – ශ්‍රී ලංකා යුධ හමුදාව

දෙවන බළඇණිය, කමාන්ඩෝ බලකාය

*පෞද්ගලික තොරතුරු *
සම්පුර්ණ නම : කේ.ජී.එන්.එල්.ආර්.පෙරේරා
හමුදා ඒකකය : දෙවන බළඇණිය, කමාන්ඩෝ බලකාය
මියගිය ස්ථානය : පුදුමාතලන්
උපන් දිනය : 1976 ඔක්තෝබර් 24
මියගිය දිනය : 2009 අප්‍රේල් 21
වයස : 33
පදක්කම ලැබුණු දිනය : 2013 මැයි 18
විවාහක /අවිවාහක බව : විවාහක
මව : සුමනා වසලතන්ත්‍රී
පියා : කේ.ජී.රූබන් පෙරේරා
බිරිඳ : උදයංගනී සමරසිංහ
ලිපිනය : ග්‍රාමසේවා කාර්යාලය අසල, කිරිමැටිතැන්න, බලන්ගොඩ
ලබා ගෙන ඇති පදක්කම් : පරම වීර විභූෂණය, රණ ශූර පදක්කම.

වසර 2009 ක් වු අප්‍රේල් මස 21 වන දින පුදුමාතලන් ප්‍රදේශයේ දමිල ජනතාව සිරකරගෙන සිටි අවස්ථාවේ ඔවුන් බේරා ගැනීම සඳහා සැරයන් පෙරේරා ඇතුළු කණ්ඩායමක් ඉදිරිපත් විය.
මෙහිදී ත්‍රස්තවාදීන් සමඟ පැවැති සටනේදී සතුරු භුමිය වෙත බඩගාගෙන ගොස් ඔවුන් වෙත ප්‍රහාර එල්ල කර ත්‍රස්තවාදීන් ධීශාල සංඛ්‍යාවක් මරුමුවට පත් කළේය. එමගින් සිර කරගෙන සිටි සිවිල් ජනතාවද මහත් පරිශ්‍රමයක් යොදා බේරා ගැනීමට හැකියාව ලැබී ඇත.
ස්වේච්චාවෙන් ම ඉදිරිපත් වී මව්බිමේ නිදහස පිණිස සටන්කර තම ජීවිතය පුදකර කළ ක්‍රියාව අරබයා කමාන්ඩෝ රෙජිමේන්තුව ට අයත් මාණ්ඩලික සැරයන් පෙරේරා පරම වීර වීභූෂණයෙන් පිදූම් ලබන්නේය.