සුළු නිළධාරි කේ.ජී. ශාන්ත PWV – ශ්‍රී ලංකා නාවික හමුදාව

විශේෂ යාත්‍රා බලඝණය

*පෞද්ගලික තොරතුරු *
සම්පුර්ණ නම : කේ.ජී.ශාන්ත
හමුදා ඒකකය : විශේෂ යාත්‍රා බලඝණය
මියගිය ස්ථානය : නාගර්කෝවිල්
උපන් දිනය : 1979 අගෝස්තු 04
මියගිය දිනය : 2008 නොවැම්බර් 01
වයස : 29
පදක්කම ලැබුණු දිනය : 2009 ජනවාරි 07
විවාහක /අවිවාහක බව : විවාහක
මව : ආර්.එම්.ඩොලීනෝනා
පියා : කේ.ජී. ගුණතිලක
බිරිඳ : ආර්.එම්.එස්.ආර්.දිසානායක
ලිපිනය :266/ඒ, නෝර්වුඩ් ඉහල කොට්ඨාසය, නෝර්වුඩ්, හැටන්
ලබා ගෙන ඇති පදක්කම් : පරම වීර විභූෂණය

ඒ 2008 වසරේ නොවැමිබර් මස පලමුවැනිදායි. උතුරු නාවික අඥා බලඇණියේ වෙිග ප්‍රහාරක යාත්‍රා හා විශේෂ යාත්‍රා බලඝණයන් සිය රාජකාරියේ යෙදි සිටියේ කුමන මොහොතක හෝ සතුරු ප්‍රහාරක යාත්‍රා මුහුදට එවිදැයි විමසිලිමත් වෙමිනී.

නාවික හමුදා සෙබළුන් සිතු ආකාරයට එය එසේම සිදුවිය. මුහුදු කොටි බෝටිටු 15 ක් පමන පේදුරුතුඩුව මුහුදු තීරයේදි නාවික හමුදා යාත්‍රා සමග මුහුනට මුහුනලා සටන් වැදුනේ අවට මුහුදු ප්‍රදේශයම වෙඩි හඩින් ගිගුමි නංවමින්ය. ක්‍රමක් ක්‍රමයෙන් සටන උණුසුමිවු අතර නාවික හමුදා යාත්‍රා මුහුදුබත් කිරිමෙි අරමුණීන් කොටින්ගේ මරාගෙන මැරෙන යාත්‍රාද සටනට අවතීර්ණ වීය.

නාවික හමුදාවෙි වෙිග ප්‍රහාරක බලඝණයට අයත් 142 යාත්‍රවෙි අණභාරව කටයුතු කරන්නාව සිටි සුළු නැවි කේ.ඩි.ශාන්තද මුහුදු කොටි යාත්‍රා වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කරමින් සටනට පිවිස සිටියාය.

මෙි අතර නාවික හමුදාවෙි පී. 164 ඩෝරා යාත්‍රාව ඉලක්ක කර ගනිමින් මුහුදු කොටින්ගේ මරාගෙන මැරෙන බෝටිටුවක් ගමන් කරනවා දුටු සුළු නැවි ශාන්ත වහාම සිය වෙිග ප්‍රහාරක යාත්‍රාව ඒ දෙසට යොමු කලේ සිය ජිවිතය ගැනද නොසිතාය. වෙිගයෙන් ඇදි ආ කොටි බෝටිටුව සුළු නැවි ශාන්ත පැදවු වෙිග ප්‍රහාරක යාත්‍රාවෙි වැදි පුපුරා ගියේ ඩෝරා යාත්‍රාවෙි සිටි නාවික හමුදා සෙබළුන් 17 දෙනෙක්ගේ ජිවිත බෙිරා දෙමිනී.

එම වීර ක්‍රියාව නිසා සිදුවන්නට ගිය විශාල ජිවිත විනාශයක් වලක්වා ගැනීමට හැකිවුනු අතර ඒ උදාර ක්‍රියාව අගයනු වස් නාවික හමුදා සුළු නැවි කේ.ඩි.ශාන්ත රණවිරුවාට පරම වීර විභුෂණ පදක්කම පිරිනැමුනී.