මේජර් කේ.ඒ. ගමගේ PWV, RWP, RSP – ශ්‍රී ලංකා යුධ හමුදාව

පළමුවන බළඇණිය, විශේෂ සේවා බලකාය

*පෞද්ගලික තොරතුරු *
සම්පුර්ණ නම : කේ.ඒ.ගමගේ
හමුදා ඒකකය : පළමුවන බළඇණිය, විශේෂ සේවා බලකාය
මියගිය ස්ථානය : අම්පලාවන්පොකනයි
උපන් දිනය : 1978 සැප්තැම්බර් 17
මියගිය දිනය : 2009 අප්‍රේල් 20
වයස : 31
පදක්කම ලැබුණු දිනය : 2012 මැයි 19
විවාහක /අවිවාහක බව : විවාහක
මව : එස්.ඒ.ඩබ්ලිව්.සමරකෝන්
පියා : කේ.ජී.මර්සියන්
බිරිඳ : කේ.ජී.සී.අයි.කරුණාරත්න
ලිපිනය : 81/83, මේජර් අජිත් ගමගේ මාවත, පානළුව වත්ත, පානළුව, වටරැක, පාදුක්ක
ලබා ගෙන ඇති පදක්කම් : පරම වීර විභූෂණය, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම.

*2009 වසරේ අප්‍රේල් මස 19 වෙනිදා රාත්‍රියේදි කොටි ත්‍රස්තවාදින් පවා පුදුමයට පත් කරමින් යුධ මුක්ත කලාපය වටා ඔවුන් ඉදිකර තිබු පස්බැමිම හරහා ගොස් කොටි ත්‍රස්තවාදින්ට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කල කපිතාන් කේ.ඒ.ගමගේ ඇතුළු විශේෂ බලකා කණ්ඩායම යුධ මුක්ත කලාපයේ සිටි අහිංසක සිවිල් වැසියන්ට රජයේ පාලන ප්‍රදේශයන් කරා ඒමට අවස්ථාව උදාකර දුන්නේ ඒ ආකාරයටය.
*මෙහිදි අහිංසක දමිල සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙසින් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන කොටි ත්‍රස්තවාදින්ට ඉතා උපක්‍රමශිලිව ප්‍රහාර එල්ල කරමින් සිය කණ්ඩායමෙි සෙසු නිලධාරින්ගෙත්, දමිල වැසියන්ගේ ජිවිත රැසක් බෙිරා ගැනීමට ක්‍රියා කල කපිතාන් කේ.ඒ.ගමගේ (පරම වීර විභුෂණ) කොටි ත්‍රස්තවාදින්ගෙන් එල්ලවු ප්‍රහාර නිසා සිය අවසන් හුස්ම පොද වාතලයට මුසු කලේ ලොව සාර්ථකම මුදාගැනිමෙි මෙහෙයුමට සිය දායකත්වය ලබා දෙමින්ය.