සැරයන් පී.එම්.එන්. පුෂ්පකුමාර PWV – ශ්‍රී ලංකා යුධ හමුදාව

හත්වන බළඇණිය, ගැමුණු බලකාය

*පෞද්ගලික තොරතුරු *
සම්පුර්ණ නම : පී.එන්.එම්.නිලන්ත පුෂ්පකුමාර
හමුදා ඒකකය : විශේෂ සේවා බලකාය
මියගිය ස්ථානය : විශ්වමඩු A 35 මාර්ගය
උපන් දිනය : 1977 ජනවාරි 11
මියගිය දිනය : 2009 පෙබරවාරි 1
වයස : 32
පදක්කම ලැබුණු දිනය : 2012 මැයි 19
විවාහක /අවිවාහක බව : අවිවාහක
මව : පී.එම්.ඇග්නස් පලන්සුරිය
පියා : ලෙස්ලි රණසිංහ
බිරිඳ : අවිවාහක
ලිපිනය : අලුත්වත්ත, මාදම්පේ, අටකලම්පන්න
ලබා ගෙන ඇති පදක්කම් : පරම වීර විභූෂණය.

ඒ-35 මාර්ගය කොටි ග්‍රහනයෙන් මුදා ගැනිම සදහා හමුදා සෙබළුන් සිය මෙහෙයුමි දියත් කලේ කොටි ත්‍රස්තවාදින් දිගින් දිගටම හමුදා භට පිරිස් වෙත දරුණු ආකරයෙන් ප්‍රහාර එල්ල කරන අවස්ථාවකදීය.

සටන් භුමියේ පවතින සියළු වාසි සහගත තත්වයන් ඒ වන විට කොටි ත්‍රස්තයින් සතුව තිබු අතර හමුදා සෙබළුන් විශාල සංඛ්‍යාවක් ඒ වන විට තුවාල ලබා සටන් භුමියේ තැනින් තැන මුලික වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියාය. රටෙි ඒකීය භාවය වෙනුවෙන් සිය ජිවිතය පුජාකල හමුදා රණවිරුවන්ගේ සිරුරුද සටන් බිමෙි විසිරි තිබිනි.

මෙි අවස්ථාවෙිදි තමන් අතින් ගිලිහුනු ඒ-35 මාර්ගයේ කොටසක බලය නැවත අල්ලා සියතට ගැනීමට කොටි ත්‍රස්තයින් සුදානමි වුයේ තම ප්‍රහාර හමුවෙි හමුදා සෙබළුන් රැසක් ඒ වන විට තුවාල ලබා සිටින බව හොදින් විමර්ෂණය කිරිමෙන් අනතුරුවය.

තම අභිප්‍රාය සාක්ෂාත් කර ගැනීමෙි අරමුණෙන් ඉදිරියට එමින් සිටියි කොටි කණ්ඩායමක් නිරික්ෂණය කල 7 වන ගැමුණු හේවා බලකායේ කෝප්‍රල් පි.එමි.එන්. පුෂ්පකුමාර සිය රාජකාරිය ඉටු කලේ කවිරුත් නොසිතු ආකාරයකටය.

තම බන්කරය අසල තිබු ක්ලේමෝ බෝමිබයක් සිය ශරිරයට බැද තබා ගත් ඔහු ක්ෂණිකයෙන් කොටි සාමාජිකයින් මැදට පැන පුපුරුවා ගත්තේ හමුදා ඉදිරි ආරක්ෂක වලල්ලට පහර දිමට එමින් සිටින කොටි සාමාජිකයින් විශාල සංඛ්‍යාවකට ජිවිතය අහිමි කර දෙමින්ය.

යුධ බිමෙිදි තම රට ජාතිය වෙනුවෙන් අප්‍රමාණ ගෞරවයෙන් යුතුව සිය දිවි පුජා කල කෝප්‍රල් පි.එමි.එන්.පුෂ්පකුමාරට පරම වීර විභුෂණ පදක්කම පිරිනැමිනී.